Archives

Powered by Blogger.


චැනල් 4 මාධ්‍ය කණ්ඩායම වෑන් කුලී නොගෙව්වැයි රියදුරාගෙන් පැමිණිල්ලක්

ඊයේ අනුරාධපුරයේදී දුම්රියෙන් ගිය ගමන අවහිරවීම නිසා නැවත කොළඹ එන්නට සිදුවූ මැක්රේ මිලර් ප්‍රමුඛ චැනල් 4 මාධ්‍ය කණ්ඩායම ඒ සඳහා ලබාගත් කුලී වෑන් රථයට මුදල් නොගෙවූ බවට එම රියදුරා විසින් කොම්පඤ්ඤ වීදිය පොලිසියට පැමිණිල්ලක් දමා තිඛෙනවා. ඊයේ අවහිරතා ඇතිවුණ අවස්ථාවේ අනුරාධපුරයේදී එස්.කේ සංජීව ද සිල්වා නමැති රියදුරෙකුට අයත් වෑන් රථයක් මොවුන් කුලී පදනමින් ලබාගෙන තිඛෙනවා. පසුව ඊයේ රාත්‍රියේ දඹුල්ලේ හෝටලයක නවතින්නට අවශ්‍ය වූයෙන් පිරිස රැගෙන තමා එම හෝටලයට රැගෙන ගිය බවත් පසුව අද උදෑසන පිරිස නැවත කොළඹට ඒමට අවශ්‍ය බව කී නිසා කොළඹට කැඳවා ආ බවද පොලිසියට පවසා තිඛෙනවා.
කොළඹ ජයික් හිල්ටන් හෝටලයේ මෙම විදේශිකයින් නැවතී සිටින නිසා තමා එම හෝටල් පරිශ්‍රයට ඔවුන් ගෙන ගොස් ඇරලවූ පසු වාහනයෙන් බසිද්දී මුළු ගමන සඳහා කුලිය වශයෙන් රුපියල් 30000 ක මුදල් තමා ඉල්ලා සිටි විට zඅපිට ගෙවන්න බෑZ කියා ඔවුන් තමා මගහැර හෝටලයට ගිය බවත් රියදුරු සංජීව පවසා තිඛෙනවා. ඔවුන් කුලී පදනම මත වාහනය ලබාගත් අවස්ථාවේ නමක් සටහන් කර දුන් නැති නමුත් චැනල් 4 නමැති විදේශ රූපවාහිනී නාලිකාවකට අයත් බව තමා හඳුනාගත් බවත් මැක්රේ සහ මිලර් නම් සහිත අය සමග සියල්ලන් 6 දෙනෙකුගේ කණ්ඩායමක් මේ ගමන සඳහා එක්වූ බවත් ඔහු පවසා තිඛෙනවා.
මේ සම්බන්ධයෙන් අදාළ පාර්ශ්වය හමුවී පරීක්ෂණ පැවැත්වීමට කොම්පඤ්ඤ වීදිය පොලිසිය දැන් කටයුතු කරනවා.